Friday, November 17, 2017

කලාව

කලාව

කලාව යනු, රසිකයා පිනවන අපූර්වත්වයෙන් යුතු සෞන්දර්යයාත්මක නිර්මාණයකි. කලාව නිර්මාණය වන්නේ මිනිසා විසිනි. මේ පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇති අතර පහත සඳහන් වන්නේ, සිංහල විශ්ව කෝෂයේ සඳහන් නිර්වචනයකි. කලාව යනු, ගීත වාද්‍ය ආදී බාහිර ක්‍රියා හා වැළඳ ගැනීම්, සිප ගැනීම්, ආදී ක්‍රියා ලෙස ලෙස කාම සූත්‍රයේ සඳහන් වේ. අක්ෂර ලිඛිත ආදී ශිල්ප 64 ලෙස සාහිත්‍යයේ සඳහන් වේ. නුත්‍ය ගීත ආදිය කලා ශිල්ප ලෙස හඳුන්වා ඇත. පෙර දිග වාසීන්ගේ කලාව පිළිබඳ සංකල්ප කෞෂල්‍ය හා සම්බන්ධ බව පෙනේ. ඔවුන් කලාව හා ශිල්ප අතර වෙනසක් නොදක්වතැ යි හැඟේ. චිත්‍ර ශිල්පය, මූර්ති ශිල්පය, සංගීත ශාස්ත්‍ර, නුත්‍ය කලා ආදී යෙදුම් වලින් පෙනෙන්නේ ශිල්ප ශාස්ත්‍ර කලා යන වචන සමාන අර්ථයෙන් යෙදුණු බවයි. කලාව යන්නට ඉංග්‍රීසි, ලතින්, ජර්මන් භාෂා වල අනුපිළිවෙලින් යොදන Art, Ars, Kunst යන වචන වලින් මූලික අර්ථය කුසලතාවයයි. යම් කාර්යයක කුසලතාවයක් ලබන්නා ශිල්පියෙකු නැතහොත් කලාකරුවා ලෙස හඳුන්වනු ලබයි.

කලාව පිළිබඳ නිර්වචන කිහිපයක් පහත පරිදි දැක්විය හැක.


v  ස්වභාවික රමණීයත්වය අනුකරණ කලාවයි. එහි අරමුණ ආශ්වාදයයි.
-බෙතෝ-

v  කලාව නම් රමණීයත්වය යි. එම රමණීයත්වය දිව්‍යමය, ස්වභාවික හා කෘතීම යනුවෙන් ත්‍රිවිධාකාර වේ.
-පියර් ආන්ද්‍රේ-

v  කලාව නම් සත්‍ය හා සාදුත්වය පහල වන තෙක් අප්‍රකටව සිට හැඟීම් ද ඇතිවන සේ දියුණු වන්නා වූ රමණීයත්වය යි.
-මෙන්ඩොල්ෂෝන්-


            ඉහත නිර්වචන වලට අනුව කලාව හා සම්බන්ධ වන්නේ, රමණීයත්වය යි. ඕනෑම කලා කෘතියකින් අපේක්ෂා කරනුයේ, රසය යි. මේ සඳහා කලාකරුවෙක් රසය නිෂ්පාදනය කිරීම සඳහා රේඛා, හැඩතල, රිද්ම, ශරීරය ආධාර කරගෙන ස්වකීය වින්දනය විවිධ හැඩයෙන් ඉදිරිපත් කරනු ලබයි. ඒවා චිත්‍ර, නාට්‍ය, මූර්ති නම් වේ.


3 comments:

  1. Watinawa igena ganna lamainta

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි දැනුම බෙදනවාට 👍

    ReplyDelete