භාෂාව
හුදෙකලාවෙන් මිදී නිරන්තරයෙන් සන්නිවේදනයේ
යෙදෙන්නා වූ සාමූහික සත්ත්වයෙකු ලෙස මනුෂ්‍යයා අන් සත්ත්ව කොට්ඨාසයන් අතුරින්
වෙන්කර හඳුනාගත හැකි ය. ඒ තුළ අන්‍යෝන්‍යය සබැඳියාව හා සාමූහික හැඟීම ගොඩ නඟන්නා
වූ ප්‍රබලතම කාරකය භාෂාව වෙයි. මේ නිසාවෙන්ම “මිනිසා සතුන්ගෙන් වෙන් ව සංකීර්ණ අදහස් පළ කිරීම
සඳහා ගොඩ නගන්නා ලද සංවිධානාත්මක ව්‍යූහයක් ලෙස භාෂාව” හඳුනාගත හැකිය.
භාෂාව ප්‍රධාන කොටස් 02ක් යටතේ හඳුනාගත හැකි අතර
ඉන් “භාෂණය” යනු,
කථනය යන සංකල්පයයි. මේ තුළ කතා බහ කිරීම සහ වාචිකව අදහස් හුවමාරු කර ගැනීම
සිදු වේ.
v රැස්වීම්
v දේශන
ලේඛනය
යනු, ලිවීම සහ ලියා ඇති සමස්ථය වෙයි.
v පුවත්පත් වාර්තා.
v දැන්වීම්
භාෂාව මෙම ද්වි අංගයන් යටතේ හඳුනාගත්ත ද ලොව ව්‍යාවහාරික
සෑම භාෂාවකම පාහේ මෙම අංග දෙකම අඩංගු නොවෙයි. එනම්, ඇතැම් භාෂාවන් කථනය හෙවත්
භාෂණයට පමණක් සීමා වනු හඳුනාගත හැක.
v වැදි භාෂාව
v ගෝත්‍රික භාෂා
මේ අනුව විමසා බලන කල්හි යම් භාෂාවක ප්‍රාථමික පියවර
භාෂණය වන අතර එහි ද්විතීයික පියවර ලේඛනය ලෙස අර්ථ ගන්වා ගත හැකිය.
හුදෙක් පොදුවේ භාෂාවෙහි විවිධ ස්වරූප හඳුනා ගත
හැකි අතර මානව සන්නිවේදනයේ හා සංජාතයේ විවිධ අවශ්‍යතා සහ උපයෝගිතාවයන් අරඹයා එම
භාෂාවන් යොදා ගනු ලබයි.
v රූප භාෂාව
v සිනමා භාෂාව
මේ ආකාරයෙන් හඳුනා ගත්තා වූ “භාෂාව” යන්නෙන් ව්‍යුක්තව වූ කල්හි මානවයාට අත්වන ඉරණම
පිළිබඳව තක්සේරු කළ හැකිවේ ද....?

ela.....
ReplyDelete