නව ලොවට සාහිත්‍යය කුමට ද....?
නූතන කාර්යක්ෂම තාක්ෂණික යුගය තුළ එතෙක් පැවති
විවිධාකාරයේ ප්‍රපංචයන් ප්‍රතික්ෂේප වීම නිරුත්සාහයෙන් ම සිදු විය. නමුත් ආරම්භයේ
පටන් අද දක්වා ම සාහිත්‍යය ක්ෂේත්‍රය මානව සමාජය තුළ තවමත් ලැගුම් ගෙන තිබේ.
ඒ අනුව නූතන ලෝකය තුළ සාහිත්‍යය
ක්ෂේත්‍රෙයහි වැදගත්කම පිළිබඳ ව පිරික්සීමේ දී සාහිත්‍යය තුළින් මානව සමාජයට යම්
අර්ථාන්විත යමක් සිදුවේ ද, සාහිත්‍යය නිර්මාණ පරිශීලනයෙන් සහෘදයන් වෙත යම් ලාභයක්
අත්පත් වේ ද, විශේෂයෙන්ම කාර්ය බහුලත්වය හා අවිවේකය ප්‍රකටව පෙනෙන මෙවැනි වකවාණුවක
දී සාහිත්‍යය අරඹයා කාලය වැය කිරීම නුවණට හුරු වන්නේ ද යන්න පිළිබඳව අවධානය යොමු
කිරීම අවශ්‍ය වේ. මෙකී ගැටළු සියල්ල කෙරෙහිම සාධනීය පිළිතුරක් අපේක්ෂා කළ හැකි නම්
අද්‍යතන සමාජයට “සාහිත්‍යය” අත්‍යවශ්‍ය
සංකල්පයක් ලෙස අර්ථ විවරණය කළ හැකිය. හුදෙක් සාහිත්‍යය වනාහි නිෂ්ප්‍රයෝජන දෙයක්
නම් ඉතිහාසයේ සිට වර්තමානය දක්වා ම විවිධ නව ප්‍රවණතා වෙත අනුගත වෙමින් ක්‍රම ක්‍රමයෙන්
වර්ධනය වෙමින් විකාශනය නොවනු ඇත. මන් ද යත් ස්වභාවයෙන්ම මිනිසාට නොවැදගත් දෑ
නිතැතින්ම අභාවයයට පත්වන හෙයිනි.
සාහිත්‍යය ඉතිහාසය පිළිබඳව විමසන
කල්හි සාහිත්‍යයෙහි පවත්නා වූ වැදගත්කම පිළිබඳව ග්‍රීක දාර්ශනික “ප්ලේටෝ” විසින්
බටහිර විචාරකයින් ද, භාරතීය අලංකාරවාදීන් වැනි පෙරදිග සාහිත්‍යෙව්දීන් ද විසින්
පෙන්වා දී ඇත. මූලික වශයෙන්ම යමෙකුට සාහිත්‍යය වැදගත් වනුයේ, යම් රසවින්දනයක්
විඳගැනීම සඳහා ය. එහිදී රසයක් යනු, හුදෙක් විනෝදාශ්වාදයක් පමණක් නොව ඉන් එහා
වපසරියක විහිදෙන්නා වූ ගැඹුරු සිද්ධාන්තමය තත්ත්වයක් ද වේ.
ඒ තුළ උසස් මට්ටමේ සාහිත්‍යය නිර්මාණ
පරිශීලනයෙන් පුද්ගලයෙකු තුළ පවත්නා වූ ජීවිතාවබෝධය පුළුල් වේ. සංකීර්ණ ජීවන රටාව
තුළ එක්තරා රාමුවකට සීමා සහිත සහෘදයන් විවිධ දිශානතීන් වෙත යොමු කිරීමේ හැකියාවක්
සාහිත්‍යය සතු වේ. එනම්, සාහිත්‍යය කරුවා මුහුණ පාන ලද්දා වූ හෝ වෙනත් පාර්ශවයක
අත්දැකීමක් හෝ පදනම් කොට ගෙන එකී අනුභූතීන් කලාවට පරිවර්තනය කිරීම සිදු කරනු ලබයි.
ඒ තුළ සමාජයේ සංකීර්ණ සබඳතා, විවිධ ගට්ඨන - අර්බුද ආදිය විනිවිද ව නොයෙක් නිර්මාණ
ඔස්සේ විදහා දක්වයි. එහිදී සාහිත්‍යකරුවා ඉදිරිපත් කරන ජීවන ප්‍රවෘත්තියන්හි
අන්තර්ගත මානුෂීය සම්බන්ධකම් සියුම් ලෙස විග්‍රහ කිරීමට සමත් වූ තරමට අදාළ සාහිත්‍යය
නිර්මාණය ද රසවත් වේ.
නූතන සමාජ පුගමනය තුළ තරඟකාරී
භූමිකාවන් තුළ රඟන මනුෂ්‍යයා සමස්ථ ලෝක ධාතුවෙන්ම ව්‍යාකූලව ජීවත් වනු දැකිය හැකි
ය. එනම්, විශ්වයට, සමාජයට, පරිසරයට මෙන්ම ඒ තුළ වෙසෙන සතුන් - සිව්පාවුන්ට ද, ගස්
- වැල්, ඇළ - දොළ ආදිය කෙරෙහි ද තැකීමකින් තොරව කටයුතු කරති. ඒ නිසාවෙන්ම සමාජ
දූෂණ, සංස්කෘතික දූෂණ, පරිසර දූෂණ ආදිය නොඅඩුව ලොව පුරා පැතිරෙමින් පවතී. මේ
තුළින් හුදෙක් මානවයා නොදැනුවත්ව ම තමාගේ පරිහානියට අත වැනීම සිදුවෙයි. එසේ හෙයින්
සමස්ථ ලෝක ධාතුවට ම සංවේදී වූ මනුෂ්‍ය පුජාවක් නූතන ලෝකය ට අවැසිම කාලයක් උදාවී ඇත.
පළමුව මිනිසා - මිනිසාට ද, දෙවනුව සමස්ථ විශ්ව සංහතියටම ද ආදරය කිරීම ට පෙළඹීම අවශ්‍ය
වේ. ඒ සඳහා මනුෂ්‍යත්වය හඳුනන සංවේදී මානව සංහතියක පැවැත්ම අවශ්‍ය වේ. එකී කාර්යය
කෙරෙහි ලැබෙන්නා වූ සාහිත්‍යය නිර්මාණයන් හි දායකත්වය සුළු කොට තැකිය නොහැක. නමුත්
එවැනි විශිෂ්ඨ වූ ද, සාධනීය මට්ටමේ පවත්නා වූ ද සාහිත්‍යය නිර්මාණ බිහි වනවා ද
යන්න ගැටළුවකි.
Wow
ReplyDelete